Thursday, November 12, 2026
HomeNEWSවැඩිම දෛනික ආසාදිතයින් ගම්පහින්

වැඩිම දෛනික ආසාදිතයින් ගම්පහින්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ දී වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිබේ. ඒ ආසාදිතයින් 551 දෙනෙකු ලෙසය.

එම දිස්ත්‍රික්කයට අයත් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

සීදුව , කටාන සහ මිනුවන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් ද නව ආසාදිතයින් 172 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කටානෙන් 58ක්, කිරිඳිවල 20ක්, මහර 18ක්, මීරිගම 19ක්, මිනුවන්ගොඩ 51ක්, මීගමුවේ 24ක්, පල්ලේවෙල 19ක් හා සීදුවේ 63ක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් -19 ආසාදිතයින් 321 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් නව ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ඒ අතර කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 32ක්, අවිස්සාවේල්ලෙන් 18ක්, හෝමාගම 18ක්, කොට්ටාවේ 27ක්, මොරටුවේ 30ක්, පිළියන්දල 50ක් හා තලංගමින් 35ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන පවසයි. 

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න සහ පානදුර දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් නව ආසාදිතයින් 129 දෙනෙකු වාර්තා වීමත් සමග ඊයේ දිනයේ එම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 362කි.

නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් ඊයේ නව ආසාදිතයින් 102 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ එම දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 184ක් ලෙස දැක්විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 177 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 170 දෙනෙකු,  රත්නපුර දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 109 දෙනෙකු ලෙස දෛනික ආසාදිතයින් 100 ඉක්මවූ සංඛ්‍යවක් ඊයේ දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 08කින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img