Saturday, September 26, 2026
HomeNEWSසබරගමුවේ සහ මධ්‍යම පළාතේ වාහන අයිතිකරුවන්ට දැනුම්දීමක්

සබරගමුවේ සහ මධ්‍යම පළාතේ වාහන අයිතිකරුවන්ට දැනුම්දීමක්

සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රටේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත්බව සඳහන් වේ.

ඒ අනුව, එම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (13)  සිට 2021.05.31 දින දක්වා අත්හිටුවීමට තීරණය කර ඇත.

එම කාලසීමාව ඇතුළුව 2021.06.15 දින දක්වාම දඩ මුදලකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණයකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම් එම්. ඩබ්. එම්. එම්. මඩහපොළ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මධ්‍යම පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පවතින කොවිඩ් තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවන බවය.

ඒ අනුව 2021.05.17 සිට 2021.06.14 දින දක්වා කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img