Saturday, September 26, 2026
HomeNEWSජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා නැවත ඇරඹෙන ආකාරය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා නැවත ඇරඹෙන ආකාරය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් දැනට නිකුත්කර ඇති සංචරණ සීමාවන්ට යටත්ව එම සේවාවන් ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

E-chanelling සේවා මගින් වේලාවන් වෙන්කරගත් සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයනු ලබන බවත් පොළොන්නරුව, නුවරඑළිය, කළුතර, හම්බන්තොට සහ මාතලේ ශාඛා මගින් සේවා සැපයීම තවදුරටත් සිදුනොකරන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

මේ දිනවල සේවා සැපයීම සිදුනොකරන ඉහත ශාඛා මගින් වේලාවන් වෙන්කරගත් සේවාලාභීන්ට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දෙන බව  ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img