Saturday, September 26, 2026
HomeNEWSකැස්බෑව ප්‍රදේශයෙන් දිනකට කොවිඩ් මරණ දෙකක්

කැස්බෑව ප්‍රදේශයෙන් දිනකට කොවිඩ් මරණ දෙකක්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසා සිටියේ, දිනකට කොවිඩ් ආසාදිත මරණ 2ක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බවය.

එම ආසාදිත මරණ ප්‍රමාණය ඉදිරි සතිය වන විට තවත් වර්ධනය විය හැකි බවත් පැවසු ඇය, දැඩි අනතුරුදායක තත්ත්වයක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවතින බව කියාසිටියාය.

“දිනෙන් දින අපේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මං හිතන්නේ කැස්බෑව ප්‍රදේශයේ සිංහල අවුරුද්දට කලින් මරණ 4යි ගිය අවුරුද්දේ ඉඳලම වාර්තා වුණේ. මේ සතිය ඇතුළත දිනකට මරණ 2ක් වගේ වාර්තා වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ ප්‍රමාණය ඊළඟ සතිය වනවිට තවත් වැඩි වෙන්න පුළුවන්. දැඩි අනතුරුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. රජය සීමාවන් පනවනකල් ඉන්නේ නැතුව තමන්ගැන හිතලා නිවෙස්වලට වෙලා ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න අවශ්‍යම දේ. මොකද එන්නත ලබාගත්තට එකෙන් ආරක්ෂාවක් ලැබෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාවශ්‍යයි.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img