Monday, September 21, 2026
HomeNEWSමැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පිළිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වේ.

මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පිළිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වේ.

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති වල අඬුපාඩුකම් හඳුනාගැනීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය ගරු  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (17) ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ දී රැස් විය.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය වේ.

පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්‍යභාරය එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා එහි සාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම්දීමෙන් පසු ඉදිරියේදී කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව සාකච්ජාවට ලක් වූ බව, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය. අභිනවයෙන් පාර්ලිමේන්තු කාරක සභාවට පත් වූ මන්ත්‍රීවරයන් පිළිගැනීමටද දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ. මෙම කාරක සභාව පිහිටුවීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමාටත්, සභාවටත් සභාපතිවරයා ස්තුතිය පළ කල බව ද, දසනායක මහතා කීවේය.

මෙයට අමතරව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ සහ නීති වල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවටද අදහස් ලබා දීමට මාසයක කාලයක් ලබා දීමට කාරක සභාව තීරණය කළ බවද දසනායක මහතා පැවසීය.

කැබිනට් අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා,  මහාචාර්ය ජී. එල්. පීරිස්, එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්වරුද,  රාජ්‍ය  අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන  කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද මෙම කාරක සභා රැස්වීමට  සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img