Thursday, November 12, 2026
HomeNEWSඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක එන්.එම් ෂහීඩ් මහතා පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවය.

මේ අතර පසුගියදා සම්මත වූ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී දෝෂයක් සිදු වී ඇද්දැයි සොයා බලන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි.

මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවුසවේ, අදාළ ඡන්ද විමසීමේදී තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් දෝෂයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇති බවය.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නිසි පරිදි සටහන් වී නෙමැති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ද ඒ පිළ්බඳ සොයාබලන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img