Thursday, November 12, 2026
HomeNEWSකොවිඩ් පාලනයට නම් පිරිස් එකතුවීම වැළැක්විය යුතුයි -විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

කොවිඩ් පාලනයට නම් පිරිස් එකතුවීම වැළැක්විය යුතුයි -විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

එකිනෙකා ඉතා සමීපව කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වෛරසය නොදැනුවත්ව ම ජනතාව අතර පැතිර යා හැකි බව ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

“අද දෙරණ“ ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, සංචරණ සීමාවන් හි වැඩිවීමත් සමඟ රෝගය පැතිර යාමද වැඩි වන බවය.

සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම අවම වීමත් සමඟ අලුත් අවුරුදු සමයේ දී වෛරසය ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර ගිය බව ද පැවසු විශේෂඥ වෛද්‍යවරයා, අද වන විට රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් යම් උච්ච අවස්ථාවකට පත්ව ඇතැයි ද පැවසීය.

“අපිට රෝගයේ කෙලවරක් දකින්න හරි අමාරුයි. රෝගය කාලයක් පුරා සමාජය තුළ පවතිවී.  ඒ නිසා සැරින් සැරේ කොවිඩ් රැලි ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ම ඔබ රෝගියෙක් නොවීම සහ ඔබ රෝගියෙක් වී ඔබගේ නිවස තුළට රැගෙන යෑම ඔබ නොදැනුවත්ව ම සිදුවෙන්න පුළුවන්. අවාසනාවන්ත සිද්ධි අපි ශ්‍රී ලංකාව පුරා අත්දැක්කා. ඒ නිසා මේ අවස්ථාවේ දී අපි ගැන හිතලා, අපේ රට ගැන හිතලා අපේ දරුවන් සහ සමීපතමයින් ගැන හිතලා අනවශ්‍ය ඒකරාශීවීම් නවත්වා ගැනීම ඉතාමත් වැදගත් සහ එවැනි ඒකරාශිවීමක් අත්‍යවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීම ඉතාම වැදගත්.“http://www.youtube.com/embed/c-xhz-GRwpo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img