Thursday, November 12, 2026
HomeNEWSශ්‍රී පාද වන්දනා සමය ගැන බැතිමතුන්ට දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා සමය ගැන බැතිමතුන්ට දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කර සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට වන්දනා කිරීමට මෙවර අවස්ථාව නොලැබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසති.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන 27වන දිනෙන් අවසන් වේ.

ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූවේ, එදින අලුයම යෙදී ඇති සුභ නැකතින් ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් වැඩම කරවීමට නියමිත බවය. 

නිරෝධායන උපදෙස්වලට අනුකූලව යුද හමුදාවේ භට පිරිස් විසින් රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් එලෙස වැඩම කරවීමට නියමිතය.

අනෙක් පෙරහැර ශ්‍රී පාද උඩමළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා එදින පස්වරුවේ වැඩම කෙරේ.

එහිදී එක් රිය පෙරහැරකින් නල්ලතන්නිය, බගවන්තලාව, බලංගොඩ හරහා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වාත් තවත් රිය පෙරහැරකින් නල්ලතන්නිය, ලක්ෂපාන, යටියන්තොට, අවිස්සාවේල්ල, රත්නපුර හරහා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වාත් වැඩම කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img