Wednesday, June 3, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට පාවී ආ භාණ්ඩ රැගෙන ගිය අයට වැඩ වරදියි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට පාවී ආ භාණ්ඩ රැගෙන ගිය අයට වැඩ වරදියි

මේ වනවිට ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. 

ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන ද මේ වනවිට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීගමුව, කොච්චිකඩේ, පමුණුගමුව, දුන්ගල්පිටිය පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස්වී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායන රීති කඩ කිරීම සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට නියමිතය.

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ නැංගුරම් ලා තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න පාලනය කිරීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවයක් ඇති දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි මේ වනවිට විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ද ක්‍රියාවට නංවා ඇත. 

‍එමෙන්ම වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහි ද නාවික හමුදාව මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

විවිධ රසායනික සංයෝග අඩංගු විය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත  නාවික හමුදාව දැනුම් දෙයි.

 “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ අපද්‍රව්‍ය යම්කිසි ප්‍රදේශයකට එක්රැස් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ  ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට හෝ 1981 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img