Wednesday, September 23, 2026
HomeNEWSආසාදිතයින් හමුවූ ප්‍රදේශ

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් – 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ (26) මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 2,325 දෙනෙකු ඒ අතරට අයත්ය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනට ලක් වෙමින් සිටි පුද්ගලයින් 52ක් සිට තිබේ.

ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

එම සංඛ්‍යාව 573කි.

ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 51කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530ක්, මහනුවර 257ක්, ත්‍රිකුණාමලය 151ක්, රත්නපුර 129ක්, කළුතර 128ක් ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇත.

ක්‍රමානුකූලව පසුගිය දින 05 ක කාලය තුළ මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය 22 වන දින සිට ආසාදිතයින් වාර්තාවීම 3,000 සේ සීමාවේ සිට පහත බැස තිබූ අතර ඊයේ දිනයේ එය 2500 යේ සීමාව දක්වා ද පහත බැස තිබේ. 

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 172,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව 172, 277කි.

මේ වනවිට රෝහල්වලින් පිටවගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 142,378කි.

කෙසේවෙතත් තවදුරටත් රෝගීන් 28,601 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,289ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 29 ක් ඊයේ දිනයේ තහවුරු කිරීමත් සමගය.

මේ අතර අද දිනයේ සිට ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එන්නත්කරණ  වැඩසටහන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යා අංශය නිර්දේශ කරන ප්‍රදේශවල ජනතාවට මෙහිදී එන්නත් ලබාදීම සිදු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img