Wednesday, June 3, 2026
HomeNEWSකොවිඩ් මරණ තහවුරු කළ යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව නිර්ණායක

කොවිඩ් මරණ තහවුරු කළ යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව නිර්ණායක

පුද්ගල මරණයක්, කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා එම චක්‍රලේඛය මගින් වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දී ඇත.

යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බව එම නිර්ණායකවලට ඇතුළත් වේ.

දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු මරණයට පත්වූ අවස්ථාවේදී ඔහු කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ ද එම මරණ වෙනමම ගණනය කර ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 ආසාදනයවීම අදාළ මරණයට ප්‍රධානතම හේතුව බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ් -19 ආසාදිත මරණයක් ලෙස තහවුරු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද අනුගමනය කළ යුතු අතර මරණ සහතිකය සටහන් කිරීමේදී එය කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.

යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයේදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්ත ද එම මරණයට ප්‍රධානතම හේතුව කොවිඩ් -19  ආසාදනයවීම බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීම පිළිබඳව නිශ්චිතව මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කිරීම සිදුකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img