Wednesday, June 3, 2026
HomeNEWSසෑම අයෙකුටම ඉතා කඩිනමින් එන්නත් ලබා දීමට රජය පියවර ගන්නා බව තරුණ...

සෑම අයෙකුටම ඉතා කඩිනමින් එන්නත් ලබා දීමට රජය පියවර ගන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එන්නත් ලබාදිය යුතු බවට නිර්දේශවන සෑම අයෙකුටම ඉතා කඩිනමින් එන්නත් ලබා දීමට රජය පියවර ගන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධ වෙමින් එන්නත් ලැබුණු වහාම ජනතාවට එම එන්නත් ලබා දීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය මේ වනවිට  සෘජුව මැදිහත්වී සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. 

එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ව කටයුතු කළ යුතු බව කී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  මැති ඇමතිවරුන් මෙම වැඩසටහන වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරන බව ද ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 වයිරසය පාලනය කිරීම සඳහා එන්නත්කරණය සිදුවන මධ්‍යස්ථාන සඳහා නිරීක්ෂණ චාරිකාවල නිරතවෙමින් ජනතාව සහ රජයේ නිලධාරීන් හමුවන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට සිය ශක්තිය ලබා දෙමින් සිටියි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබෙන හොඳම විසදුම එන්නත්කරණය බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා ප්‍රමුඛ කොවිඩ් කමිටුවේ සංඛ්‍යාලේඛන අනුව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මේ රටේ එන්නත්කරණ වැඩසටහනක් සකස් කර තිබෙනවා.

ඒ අනුව අපේ රටේ එන්නත් ලබාදිය යුතු සෑම කෙනාටම එන්නත් ලබාදෙන ලෙස උපදෙස් ලැබී තිබෙනවා. ආණ්ඩුවක් ලෙස අපි ඒ සඳහා අනුමැතිය ලබාගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා කඩිනමින් අවශ්‍ය සියලුදෙනාටම එන්නත් ලබා දෙන්න.

කොළඹින් ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මේ වන විට ඉතා ක්‍රමවත්ව ක්‍රියාත්මක වනවා.

රාජත්‍රාන්ත්‍රික සම්බන්ධතා හරහා රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය රුසියාවෙන් හා චීනයෙන් ගෙන්වා ගැනීමට වර්තමාන රජයට හැකි වුණා. බෝහෝ රටවල් එන්නත් නොමැතිව අසීරුතාවයට පත්ව සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය එන්නත් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වර්තමාන රජය ඉතා කඩිනමින් කටයුතු කිරීම පිළිබදවත්, එන්නත් ලබාදීමට කටයුතු කළ රටවල්වලටත් මාගේ ස්තූතිය පුද කරනවා.

මේ වන විටත් අපි එන්නත්කරණය කරන ප්‍රදේශවල සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය සේවා වල නියුතු අයට එන්නත්කරණය කරලා තිබෙනවා. එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිරිස මෙම තත්ත්වය හමුවේ විශාල සේවාවක් කරනවා. ගෙයින් ගෙට ගොස් තම රාජකාරි කටයුතු සිදු කරනවා. ජනතාවගේ අවශ්‍යතා සොයා බලනවා. අනිවාර්යෙන් ඔවුන් හට එන්නත්කරණය කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුව බැදී සිටිනවා.

ඉදිරියේදී ලංකාව තුළ එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික්කයේ එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට බලාපොරොත්තු වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ කොවිඩ් කමිටුවේ නිර්දේශ මත සෙසු දිස්ත්‍රික්ක සඳහා ද ඉදිරියේ දී එන්නත්කරණ වැඩසටහන ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img