Sunday, September 20, 2026
HomeNEWSආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන බහුතරය රජයට ඇති බවත් මෙවැනි තත්ත්වයක් තිබිය දී 22 වැනි සංශෝධනයට එරෙහි ව සමගි ජන බලවේගය ලබන 24 වැනිදා පොල්දූවේදී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බවත් එදා ගල් අගුරු වංචාවට එරෙහි ව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය ගෙන ආ අවස්ථාවේ එය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුවත් දැන් බලශක්ති ඇමති හා ලේකම් එම තනතුරේ නැති බවත් ජන බලයට කළ හැකි දේ හෑල්ලුවට ලක් කළ නොහැකි බවත් මේ ජන බලය නිසා 69 ලක්ෂයේ ජනාධිපති පවා ගෙදර ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 22 වැනි සංශෝධනයට විරුද්ධ ව පොල්දූව මංසන්ධියේ ලබන 24 වෙනිදා සිදු කිරීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය පිළිබඳ ව සමගි වනිතා බලවේගය සහ සමගි කලා සංගමය දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවකදීය.

22 වැනි සංශෝධනය තුළින් වෙන්නේ විධායකයේ අණසකට රටේ ගරු අධිකරණය යටපත් කරන ගරු අධිකරණයේ නිදහස ස්වාධීනත්වය නැති කරන ගරු විනිසුරුවරුන්ගේ විශ්වාසනීයත්වයට හානියක් කර විධායකය ශක්තිමත් කිරීම බවත් 17, 18, 19, 20, 21ට අත උස්සපු අයත් හිටිය බවත් දැන් ප්‍රතිපත්තිගරුක දේශපාලනය පලුදු වෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

22 නිසා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා

22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත් නීතිඥයන් විද්වතුන් වෘත්තීයවේදීන් මේ ගැන අවබෝධයෙන් සිටිය යුතු බවත් ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය යන කුළුණු තුනට ආවේණික වෙන් වෙන් වු බලතල සේම බලතලවලින් එකිනෙක සීමා කරන සංවරණ හා තුලන ඇති බවත් මේ කුළුණු තුන අතර ඇති බලතල සමබරතාව හා බලය බෙදීම විනාශ කර ගරු අධිකරණය විධායකයේ ආධිපත්‍යට අණසකට වහලකු බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජය ⁣රටේ හිට්ලර් පාලනයක් ඇති කරනවා

මේ රජය රටේ ඒකාධිපති හිට්ලර් ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන බවත් ජනතා පරමාධිපත්‍යය විනාශ කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යය මත පදනම් බවත් සෑම දෙයකටම වඩා උතුම් වන්නේ ජනතාව සතු අයිතිය බවත් මේ සම්බන්ධයෙන් වන ගරු අධිකරණ තීන්දුව දී නොමැති අවස්ථාවේ ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කර ගන්නා බවට ප්‍රසිද්ධියේ කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

22 අනුමත වෙන්න නම් ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය යි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශ පවා ඇති බවත් ගරු අධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරනවා නම් ජනතා පරමාධිපත්‍යයට බලපාන නිසා ජනමත විචාරණයක් කරා යා යුතු බවට කියන බවත් ⁣⁣මෙවැනි පූර්වාදර්ශ තිබියදී 22 වැනි සංශෝධනය අනුමත කරන්න 2/3 සේම ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

20ට අවශ්‍ය ජනමත විචාරණය 22ට අකැප ඇයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථවේ එවක විපක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනමත විචාරණයක් අවශ්‍ය බවට පැවසූ බවත් ඒ නිසා 22ටත් ජනමත විචාරණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජවිපේ ඇතැම් සාමාජිකයන් පවා මේ 22ට විරුද්ධයි

ජවිපේ සාමාජිකයකු වන නීතිඥ විජේනායක මහතා පවා මෙයට විරුද්ධව හඩනගා ඇති බවත් ඊට අමතර ව දේශීය හා ජාත්‍යන්තර නීතිඥ සංගම් ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාවේ පුද්ගලයන් හා සංගම් රැසක් මෙයට විරුද්ධත්වය පළ කර ඇති බවත් ගරු විනිසුරුවන්ගේ සංගමය පවා මෙයට විරුද්ධව තීන්දුවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය හදන්නේ රටේ බහු පක්ෂ ක්‍රමය නැති කරන්න

ලංකාවේ අධිකරණ පද්ධතියේ අර්බුදයක් ඇති බවත් ලක්ෂ 11 නඩු විසදි නැති බවත් 2023 ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ගරු අධිකරණයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන සැකසු වාර්තාවේ මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන සඳහන් නොමැති බවත් ⁣රජය මේ හදන්නේ නීතියේ ආධිපත්‍යය නැති කර බහු පක්ෂ ක්‍රමය නැති කර තනි පක්ෂයක් පාලනය කරන ක්‍රමයක් කරා යාමට බවත් යෞවන සමාජ නිලවරණයෙන් ආරම්භ වු මේ ඒක පක්ෂ පාලනය දැන් රට පුරා ව්‍යාප්ත කරන්න හදන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img