Wednesday, September 23, 2026
HomeNEWSකොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ රථය පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

කොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ රථය පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

හැටන් සිට ඔට්ටමාවඩි දක්වා කොවිඩ් දේහයක් ප්‍රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් අද (05) උදෑසන අනතුරකට ලක්ව පෙරළී ගොස් තිබේ.

අදාළ රථයේ හැටන් පොලීසියේ නිලධාරීන් 4 දෙනෙක්, තවත් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක් සහ රියදුරා සිට ඇත.

එම වෑන් රථය හැටන් සහ ගිනිගත්හේන අතර මාර්ගයේ 59වන කිලෝමීටර් කණුව අසලදී අනතුරකට ලක්ව තිබේ.

අනතුරෙන් වෑන් රථයේ සිටි උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මහතා මියගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් පිරිස වටවල රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුර සිදුවී ඇත්තේ අද උදෑසන 7ට පමණය.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය 79 හැවිරිදි කාන්තාවකගේ දේහයක් එලෙස අද (05) හැටන් සිට ඔට්ටමාවඩි ප්‍රදේශය වෙත රැගෙන යෑම සිදුකර තිබුණි.

අනතුරට ලක්වූයේ එම රථයට ආරක්ෂාව සපයමින් ඊට පිටුපසින් ගමන් කළ වෑන් රථයයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය සහිත රථය ගිනිගත්හේන පොලීසියේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පිටත්කර යවා තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img