Thursday, September 24, 2026
HomeNEWSඕස්ට්‍රේලියානුරජයසෞඛ්‍යආධාරතොගයක්මත්තලදීතරුණහාක්‍රීඩාඅමාත්‍යනාමල්රාජපක්ෂමහතාටභාරදෙයි

ඕස්ට්‍රේලියානුරජයසෞඛ්‍යආධාරතොගයක්මත්තලදීතරුණහාක්‍රීඩාඅමාත්‍යනාමල්රාජපක්ෂමහතාටභාරදෙයි

ගෝලීය වසංගත අභියෝගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙරටට පිරිනමන සෞඛ්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා විසින් (04) දින මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට භාර දෙන ලදි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙම සද්කාර්යය ක්‍රියාත්මක කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට සෘජුව පරිත්‍යාග කෙරෙන මෙම සෞඛ්‍ය ආධාර තොගය එම අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා විසින් භාර ගන්නා ලදි. 

ඔස්ට්‍රේලියානු C-17 ගුවන් යානය මගින් මෙරටට ගෙන එනු ලැබූ ටොන් 2.3ක් වන මෙම සෞඛ්‍ය ආධාර තොගයට මුව ආවරණ සහ PPE Kit දහස් ගණනක් අන්තර්ගතය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ සෞඛ්‍ය ආධාර තොගය එම අවස්ථාවේ දීම සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට භාර කළේය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු රජය අතර පවතින දිගුකාලීන සබඳතාවල ශක්තිමත් බව මෙමගින් පෙන්නුම් කරන අතර පුරා දින තුනක් මත්තල නවතා තැබෙන මෙම ඕස්ට්‍රේලියානු යානය ඉන්දියාව සහ නේපාලයට අවශ්‍ය සෞඛ්‍ය ආධාර තොගයන් ද මෙහි සිට බෙදා හැරීමට නියමිතය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක්  සහභාගි වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img