Wednesday, June 3, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය - ආණ්ඩුවේ සූදානම ඊළඟ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය – ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මඟ පෑදීමද?

                      

ආණ්ඩුව පුරුදු පරිදි අපේ රටේ පුරවැසියන් පරීක්ෂනාගාර මීයන් බවට පත් කිරීමේ අලුත්ම නාඩගම ආරම්භකොට තිබේ. ඒ් සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුලු සංචාරක ස්ථාන විවෘත කිරීමෙනි.මේ රටේ ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඒ් ජීවිත සමඟ සෙල්ලම් කිරීම ආණ්ඩුවේ සුපුරුදු පිලිවෙත බව ආණ්ඩුවේම වගකිව යුත්තන් ප්‍රසිද්ධියේම පවසා ඇත. කොරෝනා ව්‍යසනය ලෝකයේ ආරම්භ වූ වකවානුවේ ලොව සියලුම රටවල් සංචාරකයින්ට සිය රටවල් වසා දමද්දී ලංකාව දැන්වීම් පලකොට කොරෝනා සහ සංචාරකයින් ගෙන්වාගත් ආණ්ඩුවක් සහිත රටකි.ඊට පසුව දෙවැනි රැල්ල ආරම්භවන විටද ආණ්ඩුව යුක්‍රේන සංචාරකයින් ගෙන්වීය.නිරෝධායන නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ගෙනා යුක්‍රේන සංචාරකයින් කිසිදු පාලනයකින් තොරව රට පුරා සංචාරය කළ අතර,යුක්‍රේන සංචාරකයෝ ගෙන්නුවේ කොරෝනා බෝවෙනවද කියා පිරීක්ෂා කිරීමට යැයි වගකීම් විරහිත,සාහසික උත්තර ලබාදුන් ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාසගත ය.

මේ නවතම තීන්දුව එකී දුෂ්ට අරමුණෙහි තවත් දිගුවකි.

1.රට පුරා සංචරන සීමා මෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය සිදුවන අතරේ සංචාරකයින් ගෙන්වා රටට කරන්නට යන විනාශයේ තේරුම කුමක්ද?

2.ආණ්ඩුව විසින් ශ්‍රීලාංකික පුරවැසියන් දෙවැනි පෙළ පුරවැසියන් ගානට දමා විදේශිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමෙහි අරමුණ කුමක්ද?

3.මහා බ්‍රිතාන්‍ය,අමෙරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් රැසක් සිය පුරවැසියන්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස ඉල්ලා සිටින තත්ත්වයක් තුළ අපේ රටේ බලධාරීන් මෙරටට සංචාරකයින් ගෙන්වාගෙන මේ සූදානම් වන්නේ යුක්‍රේන ව්‍යසනයේ දෙවැන්න ආරම්භ කොට නව පොකුරකට දොරටු විවර කරන්නටද?

4.මේ හරහා ලොව පුරා පැතිර ඇති නිරන්තරයෙන් වෙනස්වන නව කොරෝනා ප්‍රභේද රටට ආනයනය කරන්නට කටයුතු කරන ඇතර ඒය ඒසේ නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක්ද?

5.ලොව පුරා රටවල් සිය පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා ඉතාමත් වගකීම් සහගත ක්‍රියාමාර්ග ගෙන ඇත.එහෙත්, දිනපතා ආසාදිතයින් තුන්දහසක් ඉක්මවිමින් හමුවන තත්ත්වයක් තුළ සහ,මරණ සංඛ්‍යාව ඉතා භයානක ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මේ රට තවත් බිහිසුණු රැල්ලකට හිතාමතාම තල්ලු කරමින් ආණ්ඩුව කරන මේ හිතුවක්කාරී,දුර්ධාන්ත ක්‍රියාවලියේ තේරුම කුමක්ද?

එක් පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ දොළදුක සංදිඳුවනු පිණිස ආණ්ඩුව මිනිස් ජීවිත සමඟ කරනු ලබන මේ සාහසික නාඩගම වහාම නතරකළ යුතු අතර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සිය පළමු,දෙවනු සහ තෙවනු න්‍යායපත්‍රය බවට පත්කරගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img