Wednesday, June 3, 2026
HomeNEWSසපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ සිදුවීම බලශක්ති අමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට.

සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ සිදුවීම බලශක්ති අමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට.

තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි, වසර 50 ක් පමණ පැරණි, තෙල් මිශ්‍රිත ජලය පිරිසුදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක්, ඇදවැටුණු අධික වර්ෂාපතනය හේතුවෙන් වැසි ජලය එකතුව පිටාර ගලා යාම නිසා ඇතිව තිබෙන තත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (2021.06.05) දින එම ස්ථානයට පැමිණියේය.

මෙම සිද්ධිය හේතුවෙන් ජනතාවට සිදුව ඇති අපහසුතාවයන් පිළිබඳව නිරීක්ෂණය කළ අමාත්‍යවරයා සපුගස්කන්ද පිරිපහදුව තුළ පවතින අදාල පවිත්‍රාගාර පද්ධතිය ද නිරීක්ෂණය කළේය. යලි මෙවන් තත්වයන් ඇති නොවන ආකාරයෙන් මෙම පවිත්‍රාගාර පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා තෙල් සංස්ථා නිලධාරීන්ට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී අමාත්‍යවරයා මාධ්‍යයට මෙසේ අදහස් දැක්වීය

පෙරදා ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය ජලගැල්මෙන් යට වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තෙල් පිරි පහදු පරිශ්‍රයේ පිහිටි පවිත්‍රාගාර පද්ධතියක් තුළට ජලය ගලා ගොස් එය ඉතිරි යාම නිසා ගං වතුරත් සමග තෙල් ගලා යාමක් සිදු වෙනවා. මේ වන විට තෙල් සංස්ථාව, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් එකතු වී මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

මේ අවස්ථාවේදී ජනතාව පැමිණිලි කරනවා තමන්ගේ ළිංවලින් වතුර ලබා ගැනීමට බැහැ කියලා. ජලසම්පාදන මණ්ඩලය කියනවා ජල නල වලින් එන ජලයට කිසිම හානියක් වෙලා නැහැ කියලා. එම ජලය පාවිච්චි කළ හැකි බවයි ඔවුන් කියන්නේ. නමුත් ජනතාව ඒ සම්බන්ධව බියකින් පසු වෙනවා. වැදගත් වන්නේ ජනතාවගේ මානසිකත්වයයි. ඒ නිසා කඩිනමින් ජනතාවට ජලය සපයන්න අපි පියවර ගන්නවා. වගේම මේ ප්‍රශ්නය යලි නො වීමයි වැදගත් වන්නේ. ඒ සඳහා අප ලබන අඟහරුවාදා ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා, තෙල් සංස්ථාවේ සභාපතිතුමා, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති තුමා, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ කාර්යාංශයෙහි සභාපතිතුමිය ඇතුළු සියලුම නිලධාරීන් කැඳවලා මේ ප්‍රශ්නය යළි ඇති නොවන්න ගත යුතු පියවර ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය

ජනතාවට සිදුව ඇති හානි සම්බන්ධයෙන් යම්කිසි වන්දි ලබා දීමක් සිදු වෙනවාද ?

පිළිතුර

ජනතාවට සිදුව ඇති හානිය පිළිබඳව අපි පැමිණ නිරීක්ෂණය කළා. හානි සිදුවී තිබෙන දේ ගණනය කරලා ඒ සදහා වන්දි ගෙවීමට ද අප කටයුතු කරනවා.

ප්‍රශ්නය

මේ තෙල් කැලණි ගඟට එකතු වීමේ අවදානමක් තියෙනවා නේද ?

පිළිතුර

ඊයේ සිටම මේ සම්බන්ධයෙන් නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය වැනි ආයතන ගණනාවක් සම්බන්ධ කරගෙන අප මේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට හේතුව තමයි කැලණි ගඟට එකතු වීමට පෙර මේ තෙල් නැවත එකතු කරගැනීමට පියවර ගැනීම.

ප්‍රශ්නය

වසර ගණනාවක් තිස්සේ මේක නැවත නැවත ඇතිවන සිදුවීමක්. ඇයි ඇමතිතුමා මේකට ස්ථීර විසඳුමක් දෙන්න බැරි ?

පිළිතුර

අතීතයේ කාරණා සම්බන්ධයෙන් මට වග කියන්නට බැහැ. මේ මම ඇමැති වූවාට පසු සිදු වූ පළමු අවස්ථාව. පලමු පියවර මෙය යළි ඇති නොවීමට වග බලා ගන්න ඕනේ. දෙවැනි පියවර වශයෙන් අගතියට පත් පාර්ශවයන්ට වන්දි ලබා දිය යුතුයි. මේ කාරණා දෙකම සිදු කිරීමට අප වග බලා ගන්නවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img