Wednesday, June 3, 2026
HomeNEWSගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැසයාමේ මූලාශ්‍ර ක්‍රමවත්ව පවත්වාගෙන පවත්වා ගෙන යාමේ වැඩපිළිවෙළක්……. -...

ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැසයාමේ මූලාශ්‍ර ක්‍රමවත්ව පවත්වාගෙන පවත්වා ගෙන යාමේ වැඩපිළිවෙළක්……. – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැසයාමේ මූලාශ්‍ර ක්‍රමවත්ව පවත්වාගෙන පවත්වා ගෙන යාමේ වැඩපිළිවෙළක්…….
– සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර පාලනය කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

නිවාස ආශ්‍රිත ගංවතුර බැස යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට මූලිකත්වය දෙන ලෙස ද අමාත්‍යවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත.

දිස්ත්‍රික්කයේ ඇල වේලි,වැව්, ගංගා, මෝය කට ආදී සියලුම ජලය බැසයාමේ මූලාශ්‍ර ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් ද මේ අතරම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එවැනි ක්‍රමවේදයක් ඉකුත් මහින්ද රාජපක්ෂ රජය මගින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කළ අතර එකල මෙවැනි තත්ත්වයන් වාර්තා නොවූ බවද සිහිපත් කල අමාත්‍යවරයා සඳහන් කළේ එම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමට යහපාලන රජය අපොහොසත් වූ බවයි.

ජලය බැසයාමේ ඇල, වේලි, මෝයකට ආදී මූලාශ්‍ර නිසියාකාරව නඩත්තු කිරීම වසර කිහිපයක් ප්‍රමාද කල විට විශාල වියදමක් දරමින් නැවතත් මුල සිටම එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සිදුවන බව ඇමැතිවරයා පෙන්වා දෙයි

වත්තල ග්‍රාමනිලධාරි වසම් 38ක්, කැලණිය ග්‍රාම නිලධාරි වසම් 37ක්, බියගම ග්‍රාම නිලධාරී වසම් 37ක්, ජා ඇල ග්‍රාම නිලධාරී වසම් 40ක් , කටාන ගාම නිලධාරී වසම් 44ක්, ගම්පහ ග්‍රාම නිලධාරී වසම් 56 ක්, මහර ග්‍රාම නිලධාරි වසම් 24ක්, අත්තනගල්ල ග්‍රාම නිලධාරී වසම 39ක්, මිනුවන්ගොඩ ග්‍රාම නිලධාරි වසම් 25 ක්, දියුලපිටිය ග්‍රාම නිලධාරී වසම් 30ක්, දොම්පේ ග්‍රාම නිලධාරි වසම් 32ක්, මීරිගම ග්‍රාම නිලධාරී වසම් 16ක්, මීගමුව ග්‍රාම නිලධාරි වසම් 4ක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 422ක ජනතාව ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබේ.

ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම් කඩිනම් කරන ලෙස ද ප්‍රාදේශීය සංවර්ධන කමිටු ප්‍රධානීන්ට අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

දැනට වාර්තා වන අන්දමට ගම්පහ දිස්ත්රික්කයේ පවුල් 397442ක පුද්ගලයින් 161383ක් ආපදාවට ලක්වී ඇති අතර පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.

ආපදා තත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 4 සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 160 කට අර්ධ හානි සිදුව තිබේ.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට පිසූ ආහාර හා වියළි සලාක සැපයීම වෙනුවෙන් රුපියල් 9020000ක මුදලක් ද මේ වන විට වෙන්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img