Wednesday, June 3, 2026
HomeNEWSශ්‍රී ලංකාවට ඊළඟ 'ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ' විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාවක්!

ශ්‍රී ලංකාවට ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාවක්!

ශ්‍රී ලංකාවට ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාවක්!

ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා(Special Guest ) වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිකර දීමට කටයුතු කරන බව රුසියානු රජයේ නියෝජිත, එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සභාවේ නියෝජ්‍ය මහලේකම්, රුසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ස්වාභාවික කළමනාකරණය සහ පරිසර විද්‍යාව පිළිබඳ කමිටුවේ නියෝජ්‍ය සභාපති ස්ටැනිස්ලව් කොරොලෙව් මහතා පවසයි.

මේ වන විට රුසියාවේ දී පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් ආර්ථික සමුළුවට සහභාගී වී සිටින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස සහ රුසියානු රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මෙසේ පවසා තිබේ.

මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවේ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව ලදහොත් ශ්‍රී ලංකාව කෙරෙහි රුසියානු මෙන්ම මෙවර සමුළුවට සහභාගි වූ බොහෝ රටවල ආයෝජකයන්ගේ අවධානය යොමු වන බැවින් එය මෙරට කර්මාන්ත හා ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විශාල පිටිවහලක් වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ දී අරඹනු ලබන කර්මාන්තපුර මෙන්ම දැනට පවත්වාගෙන යන කර්මාන්තපුර ද හරිත සංකල්පය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යෑමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පියවර ගනිමින් සිටින බව මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ද මෙම සාකච්ඡාවේදී රුසියානු රජයේ නියෝජිතවරයා එකඟ වී තිබේ.

එසේම ‘ස්පුට්නික් V’ එන්නත ප්‍රමුඛතා පදනම මත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස මෙම සාකච්ඡාවේදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා කළ විශේෂ ඉල්ලීම තම රජයේ අවධානයට කඩිනමින් යොමු කරවන බව ද රුසියානු රජයේ නියෝජිත ස්ටැනිස්ලව් කොරොලොව් මහතා පවසා ඇත.

මෙම සාකච්ඡාව සඳහා මුදල් හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img