Wednesday, November 11, 2026
HomeNEWSඑන්නත් නොලැබුණොත් ඔසුසැල් වසා දමන බව සංගමය පවසයි

එන්නත් නොලැබුණොත් ඔසුසැල් වසා දමන බව සංගමය පවසයි

පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

ඔසුසැල්වල සේවය කරන පිරිස් නිරන්තරයෙන් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් සමඟ සම්බන්ධ වන පුද්ගලයින් බැවින් ඔවුන් සඳහා එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය බව එම සංගමයේ මාධ්‍ය ලේකම් සිදත් සුරංග මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ද ඔසුසැල් විවෘතව තබමින් ජනතාව සඳහා අවශ්‍ය ඖෂධ සැපයීම් සිදුකරන ඔසුසැල් සේවකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතු බව ඔහු පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කළ ද මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැති  සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් සිදත් සුරංග මහතා පැවසුවේය.

කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඔසුසැල් හිමියෙකු මියගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img