Friday, November 13, 2026
HomeNEWSශ්‍රීලංකාරතුකුරුසසමාජයඅසාධ්‍යකොවිඩ්රෝගීන්සුවපත්කිරීමටඔක්සිජන්සාන්ද්‍රකඋපකරණ 100ක්අග්‍රාමාත්‍යතුමාටභාරදෙයි.

ශ්‍රීලංකාරතුකුරුසසමාජයඅසාධ්‍යකොවිඩ්රෝගීන්සුවපත්කිරීමටඔක්සිජන්සාන්ද්‍රකඋපකරණ 100ක්අග්‍රාමාත්‍යතුමාටභාරදෙයි.

කොවිඩ්-19 වයිරසය ආසාධිත අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් භාවිතයට  ගැනීම සඳහා  ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 100 ක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින අරලියගහ මන්දිරයේ දී  භාරදුන්නේය. 

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි සභාපති ජගත් අබේසිංහ මහතා විසින් අදාළ ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය ගරු අග්‍රාමාත්‍යතුමාට භාර දෙන ලදි.

සහෝදර රතු කුරුස සමාජ වලින් කළ ඉල්ලීමකට අනුව  සිංගප්පූරු රතු කුරුස සමාජයෙන් මෙම  ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 100 පරිත්‍යාග කර තිබේ.

අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි ඉදිරි සති කිහිපයේදීත් සහෝදර රතු කුරුස සමාජ ඔස්සේ තවත් වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා මෙහි දී පැවසීය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය භාරදුන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය අග්‍රාමාත්‍යතුමා විසින් එම මොහොතේදීම කොවිඩ් වැළඳුණු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය ඇමැතිතුමියට භාර දුන්නේය.

කොවිඩ්-19 වයිරසය මෙරට ව්‍යාප්තිය ආරම්භ වූ දා පටන්  ජනතාව ඉන්  ආරක්ෂාකර ගැනීමට හා සහන සැළසීමට ශ්‍රී  ලංකා රතු කුරුස සමාජය විසින්  විශාල කාර්යභාරයක් ඉටුකරන ලදි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img