Saturday, October 24, 2026
HomeNEWSබැසිල් රාජපක්ෂ ට ලැබුණු අමාත්‍යාංශය

බැසිල් රාජපක්ෂ ට ලැබුණු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය දරනු ලැබීය.

කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන ගිය ක්‍රියාකාරකම් රැසකට මුලිකත්වය ලබා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

“දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ“ හා “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ“ප්‍රධානී ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img