බුද්ධ ශාසන හා ආරක්ෂක අමාත්යධූරයන් ජනාධිපතිවරයා සන්තකයේ තබාගත යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණය නිෂ්ප්රභ කළේය.
එල්.ටී.බී. දෙහිදෙණිය, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කර තිබේ.
පෙත්සම විභාගයටගැනීමට නීතිමය පදනමක් නොමැති බව තීන්දුකළ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම ප්රතික්ෂේප කරන බව නිවේදනය කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති සහ ජනාධිපතිවරයා වෙනුවන් නීතිපතිවරයා නම් කර තිබුණි.
පෙත්සම්කාර නීතීඥ අරුණ ලක්සිරි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ 19 වැනි සංශෝධනයේ නව වැනි වගන්තිය යටතේ සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 4 (ආ) , 30 , 33 ,09 සහ 105.4 යටතේ ජනාධිපතිවරයා සන්තකයේ ආරක්ෂක හා බුද්ධ ශාසන යන අමාත්යධූරයන් තබාගත යුතු බවය.
එහෙත් ඊට පටහැනිව ජනාධිපතිවරයා විසින් බුද්ධ ශාසන අමාත්යාංශය වෙනත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වෙත පවරාදීම සිදුකර ඇති බවද පෙත්සම්කාර නීතීඥ අරුණ ලක්සිරි මහතා පෙත්සමෙන් චෝදනාකර තිබුණි.
එහෙත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කියා සිටියේ 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය දැනට අහෝසිකර තිබෙන බැවින් පෙත්සම්කරුගේ ඉල්ලීම පදනමක් නොමැති බවත්, එබැවින් එය නිෂ්ප්රභ කරන ලෙසය.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට තීරණය කළේය.






















