Saturday, October 31, 2026
HomeNEWSවිනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කිරීම අපේ අරමුණයි" - කර්මාන්ත...

විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කිරීම අපේ අරමුණයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

(16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“කහටගහ පතල පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා එම පතල් සංකීර්ණය නිරීක්ෂණයටත් කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ ඉහළ නිලධාරීන් සහ මෙම පතල් සංකීර්ණයේ සේවකයන් සමඟ සාකච්ඡාවකටත් අප අද මෙහි පැමිණියා. පතල් සංකීර්ණයේ සියලු කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අප තීරණ රැසක් ගනු ලැබුවා. එමගින් මෙම පතල දැනටත් වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපයාදෙන තැනක් බවට පත් කිරීමට අපට හැකියාව ලැබේවි” යනුවෙන් ද ඒ මහතා පැවැසීය.

කහටගහ පතල, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු වූවකි. අක්කර 102ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විටත් සිදුවෙමින් පවතී. මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65ක් කැණීම් කටයුතු මගින් ලබාගන්නා අතර එය මෙට්‍රික් ටොන් 85 දක්වා වැඩි කර ගැනීම පිළිබඳව ඉහත සාකච්ඡාවලදී අවධාරණය විය.

එසේම මෙම අක්කර 102ක භූමිභාගයෙහි දැනට පවතින පොල් වගාවට අමතරව ඉඟුරු, කහ වැනි යටි වගාවන්ට සහ පලතුරු වැනි වගාවන්ට යොමුවී එමගින් අමතර ආදායම් ඉපයීම පිළිබදවද මෙහි දී අවධානය යොමු කෙරිණි.

කැණීම්වලින් අනතුරුව මිනිරන් තොග සෘජු අපනයනයෙන් වැළකී අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට භාජනය කොට අපනයනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට මිනිරන් කර්මාන්තය නව්‍ය ලෝක ප්‍රවණතා ඔස්සේ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති නීල් වත්තුහේවා, පතල් කළමනාකරු චානක රාජපක්ෂ, යාන්ත්‍රික ඉංජිනේරු උදය බෝකුලමුල්ල, ගණකාධිකාරි රිචඩ් කොස්වත්ත යන මහත්වරු ද එක්ව සිටි අතර සමෝධානිත මිනිරන් ව්‍යාපාර උපදේශක කණ්ඩායමක් නියෝජනය කරමින් තරුණ ව්‍යවසායක සමාධිත් උත්පල හා නීතිඥ මාධව විතාරණ යන මහත්වරු ද සහභාගි වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img