රජය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ යන පනත් දෙකම ඒකාධිපති ආඥාදායක එක පක්ෂයකට මුළු රටම යට කරන ලක්ෂ 220ක් ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න දරණ නිර්ලජ්ජිත ක්රියාදාමයක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ රජය විසින් ගෙන ඒමට නියමිත මර්දන පනත් සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී වෘත්තීය සමිති සමග කරන ලද සාකච්ඡාවක් අතරතුරය.
කාම්බෝජයේ පොල් පොට් පාලනය අප රටේ ක්රියාත්මක කරන්න මේ අණපනත් ගෙන එන බවත් රජයේ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මේ උත්සාහය පරාජය කරන්න ප්රජාතන්ත්රවාදී ක්රියාදාමයකට ජන බලයෙන් යොමු වන බවත් මේ අණපනත් දෙක තුළින් රටේ ඒකාධිපතීත්වය ස්ථාපිත කරන්න හදන්නේ රටේ අණපනත් හරහා බවත් නීත්යානුකූල මර්දන ව්යවස්ථානුකූල මර්දන ක්රියාවක් බවත් රටේ නීතිපොතට ඇතුළු වන නීතිරීති හරහා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සමූළ ඝාතනය කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බැටන් පොල්ලෙන් කළ මර්දනය පනත් හරහා කරන්න හදනවා
මීට පෙර බැටන් පොල්ලෙන් කදුලු ගෑස්වලින් වෙඩි ප්රහාරවලින් ක්රියාත්මක කළ මර්දනය අද ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු කිරීමට යන බවත් මේ නිසා සිවිල් පුරවැසියා දේශපාලනඥයන් වෘත්තීය සමිති සාමාජිකයා ඇතුළු ලක්ෂ 220ම අනාථ වී ඇති බවත් රටේ පුරවැසියන්ගේ මානව හා මූලික අයිතිය සුරක්ෂිත කරන්නට ප්රධාන විපක්ෂය ලෙස ගත යුතු පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක්
මේ පනත් තුළින් අධිකරණය පවා හෑල්ලුවට ලක් කරන බවත් අධිකරණය සතු බලය අධිකරණයෙන් ඉවත් කර එහි බලය විධායකයට ලබා දී ත්රස්තවාදීයා කවුද යන්න නිර්වචනය කරන්න අයිතිය දී ඇති බවත් ප්රජාතන්ත්රවාදී ක්රමය තුළ විරුද්ධ මතයක් දරන සැවොම ත්රස්තාවදීන් කිරීමේ බලය ලැබෙන බවත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යුද ජයග්රහනයෙන් පසු අනීතිකව ක්රියාත්මක කරමින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය ජනතා පරමාධිපත්ය ජනතා සෛරීත්වය විනාශ කළ නිසා බහුතර යෝජනාව වූයේ එය ඉවත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ මර්දන පනත් ත්රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා දරුණුයි
ත්රසත්වාදය වැළැක්වීමේ පනත අදටත් ඇති නමුත් එය අහෝසි කර ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත ගෙනවිත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත තුළ තිබූ ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීමේ ක්රමවේදවලින් එහාට ගොස් ජනතාව මර්දනය කරන්න උත්සාහ කරන බවත් අනුර කුමාර දිසානායක රජයේ ප්රතිපත්ති ප්රකාශයේ පවා මේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ප්රජාතන්ත්රවාදී ජාත්යන්තර සම්මුතීන්ට අනුකූල පනතක් ගෙන එන බව පැවසුවත් අද එය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය මේ කරන්නේ ජනවරමට විරුද්ධ දෙයක්
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අවශ්ය වුවත් ඒ නාමයෙන් ලක්ෂ 220ක් ජනතාවගේ මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කාටවත් අයිතියක් නොමැති බවත් මෙය ජනවරමට විරුද්ධ දෙයක් බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කිව්වත් අද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නොමැති වුවත් ජනතාවට වඩා රජයේ 159ට නම් පොහොසත් ලස්සන වීමක් නම් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
























