Sunday, November 1, 2026
HomeNEWSදේවානිට මීගමුවේදී එල්ල වූ විරෝධය

දේවානිට මීගමුවේදී එල්ල වූ විරෝධය

මීගමුවේ දරුවන් සඳහා ඇති ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බව කියන සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (17) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම අවස්ථාවට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ද එක්ව සිටියාය.

ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණේ නිලධාරීන් ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවය. 

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට ද චෝදනා කළ ප්‍රදේශවාසීන් පවසා සිටියේ,

“එයා මේකට අලුතෙන් නමක් දාලා රැජින දූපත කියලා. මේකෙ එහෙම කිසිම නමක් තිබුණෙ නෑ. අපේ ආච්චිලත් මේකෙ තමයි හිටියේ. මේකෙ මුල්ම නම කුට්ටිකාඩු. අපේ දරුවන්ට මෙතන සෙල්ලම් කරන්න එපා කියලා පාරේ ගිහින් සෙල්ලම් කරන්න කිව්වා,” යනුවෙනි.

මෙම අවස්ථාවේ එහි රැඳී සිටි ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය එතැනින් පිටව යෑමට උත්සාහ කළ විට ඇයට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.

ඒ අනුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කළ නොහැකි බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img