Sunday, November 1, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් පසු මුහුදු සත්ත්වයින් මියයෑම ගැන පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහය...

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් පසු මුහුදු සත්ත්වයින් මියයෑම ගැන පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහය ගැනීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්ත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  පස්වරුවේ පැවති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසා ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරන බවය.

එම නෞකාවේ ගින්න හේතුවෙන් රැකියා අහිමිව පීඩාවට පත්වූ බස්නාහිර පළාතේ ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම මේ වන විට සිදුවන අතර වෙනත් දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිවැරදිතාව පිළිබදව සළකා බලා ඔවුන්ට ද වන්දි ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

මේ වන විට ලැබී ඇති වන්දි මුදල් හානියට පත් ධීවර ජනතාවගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ගින්න හේතුවෙන් අපවිත්‍ර වු මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු, වන්දි මුදල් ලබා ගැනීමේ නීතිමය තත්ත්වය, ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු, මුහුදු ජීවීන් මියයාම, ජාත්‍යන්තර නීතිඥ සහාය ලබාගැනීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම සඳහා වන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර ඔවුන් ‍තෝරාගැනීම විශේෂ කමිටුවක් මඟින් සිදුකර බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බව ද අධිකරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img