එළඹෙන සඳුදා ආරම්භවීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති තීරණය කර තිබේ.
ඒ අනුව එම තීරණය ලිඛිතව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදුන් බව එම වෘත්තිය සමිති පවසති.
වැටුප් විෂමතාවයට මේ දක්වා රජය නිසි විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ සමග වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,
“ආණ්ඩුව මේ කාරණාව තවදුරටත් විවිධ සාකච්ඡා කරමින් දීර්ඝ කරමින් යනවා. අපිට අවශ්‍ය ක්ෂණික විසඳුමක්. විසඳුම් ප්‍රවේශ ගණනාවක් අධ්‍යාපන බලධාරීන් අතේ තියෙද්දි තමයි ඒවා ක්‍රියාත්මක නොකර ගැටලු ඉදිරියට අරගෙන යන්නේ. ඒ නිසා අපි අපේ අරගලයේ තවත් පියවරක් වැඩි කරමින් විරෝධය දක්වනවා.”






















