Wednesday, November 11, 2026
HomeNEWSග්‍රාම නිලධාරීන්ට වගකීම් පවරමින් නව චක්‍රලේඛයක්

ග්‍රාම නිලධාරීන්ට වගකීම් පවරමින් නව චක්‍රලේඛයක්

සෑම දිස්ත්‍රික්කයක් තුළම සිදු කෙරෙන කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීවරන් විසින් සිදුකළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ප්‍රගතිය වාර්ථා කළ යුතුවේ.

වයස් කාණ්ඩ යටතේ එම තොරතුරු ලබා ඉදිරිපත් කළයුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙයි.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරීවරයෙකු විසින්ම මෙම තොරතුරු එළඹෙන 31 වන දිනට පෙර වර්තා කළයුතුය.

කෙසේවෙතත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දෙන්නේ මෙම වැඩපිලිවෙල ප්‍රයෝගික නොවන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සිලමන්ආරච්චි මහතා ඒ බව සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දින කිහිපයක් තුළ මෙවැනි අවදානම් කටයුත්තක් සිදුකිරීමට පැවරීම පිළිබඳව ග්‍රාම නිලධාරීන් විමතියට පත්වී ඇති බවය.

මේ අතර ඊයේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ග්‍රාම නිලධාරීන් සඳහන් කළේ ග්‍රාම නිලධාරීවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයාබලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img