රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන රෝගීන් අතරින් දිනකට කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් හඳුනා ගන්නා තත්ත්වයක් මේ වනවිට මතුවී ඇති බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඒ බව පැවසීය.
“අපිට සාමාන්‍යයෙන් සති 2කට පෙර දිනකට එක් කොවිඩ් ආසාදිත රෝගියෙක් වගේ තමයි වාර්තා වුණේ. නමුත් දැන් දිනකට රෝගීන් 5කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වගේම මව්වරුනුත්. ඒ අනුව දිනකට 8ත් 10ත් අතර මව්වරුන් සහ දරුවන් ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස වාර්තා වෙනවා. මේ දරුවන් සියලුම දෙනා පිටතින් රෝහලට එදිනෙදා පැමිණෙන අය. ඒ දරුවන් අවුරුදු 14 වඩා අඩු අය. අද උදෑසනත් මාස 5ක දරුවෙක් ආසාදිත බවට අපි හඳුන ගත්තා. මේ තත්ත්වය එතරම්ම සුදුසු නෑ.”






















