ආනමඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ හිමිනමකට අද (26) රෝහල් පරිශ්‍රයේදී සිදුකළ PCR පරික්ෂණයකින් පසු එම හිමිනම විසින් හෙදියකට පහරදී ඇති බව වාර්තා වෙයි.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, ජෛව සාම්පල ලබාගැනීමේදී වේදනාවක් සිදුවූ බවට පවසමින් හිමිනම සාම්පල ලබාගත් හෙදියට වීදුරු පිඟානකින් පහර දී ඇති බවය.
ඉන් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ඇය ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කෙරුණි.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, සැකකාර හිමිනම ආනමඩුව පොලිසිය විසින් අත්අඩංගුවටගත් බවය.
මේ අතර, බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අයිස්ලෙබි වත්ත ප්‍රදේශයේ සහ හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අයිස්ලෙබි වැව ආසන්න ප්‍රදේශයේ පුද්ගලයින්ට සිදුකළ PCR පරීක්ෂණවලින් 45 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණි.
රාජාංගනය නවෝද්‍යා මහසෙන් මහා විදුහලේදී අද නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යෙව්දීන්ට දෙමාපියන්ගෙන් විරෝධයක් එල්ල වූ බව අප වාර්තාකරු පැවසීය.






















