Wednesday, November 11, 2026
HomeNEWSPCR පරීක්ෂණයට ජෛව සාම්පල ගත් හෙදියට පිඟන් ප්‍රහාරයක්

PCR පරීක්ෂණයට ජෛව සාම්පල ගත් හෙදියට පිඟන් ප්‍රහාරයක්

ආනමඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ හිමිනමකට අද (26) රෝහල් පරිශ්‍රයේදී සිදුකළ PCR පරික්ෂණයකින් පසු එම හිමිනම විසින් හෙදියකට පහරදී ඇති බව වාර්තා වෙයි. 

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, ජෛව සාම්පල ලබාගැනීමේදී වේදනාවක් සිදුවූ බවට පවසමින් හිමිනම සාම්පල ලබාගත් හෙදියට වීදුරු පිඟානකින් පහර දී ඇති බවය. 

ඉන් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ඇය ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කෙරුණි.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, සැකකාර හිමිනම ආනමඩුව පොලිසිය විසින් අත්අඩංගුවටගත් බවය.
 
මේ අතර, බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අයිස්ලෙබි වත්ත ප්‍රදේශයේ සහ හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අයිස්ලෙබි වැව ආසන්න ප්‍රදේශයේ පුද්ගලයින්ට සිදුකළ PCR පරීක්ෂණවලින් 45 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණි.

රාජාංගනය නවෝද්‍යා මහසෙන් මහා විදුහලේදී අද නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යෙව්දීන්ට දෙමාපියන්ගෙන් විරෝධයක් එල්ල වූ බව අප වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img