Thursday, November 12, 2026
HomeNEWSඉදිරි මාස තුන තුළ ශ්‍රී ලංකාවට ඩොලර් සංචිත ලැබෙන ආකාරය

ඉදිරි මාස තුන තුළ ශ්‍රී ලංකාවට ඩොලර් සංචිත ලැබෙන ආකාරය

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව වාර්තා වෙයි.

එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙසේය.

  1. ඉන්දීය SWAP පහසුකම: ඇ.ඩො.මි 400
  2. බංගලාදේශ්‍ SWAP පහසුකම: ඇ.ඩො.මි 250
  3. චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය: ඇ.ඩො.මි 300
  4. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය: ඇ.ඩො.මි 800
  5. විදේශ විනිමය වෙළෙඳපොළෙන් මහ බැංකුව මගින් නියමිත මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200
  6. දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන මුදල්: ඇ.ඩො.මි 300
  7. ඌන උපයෝජිත වත්කම් උපයෝගීකර ගැනීමෙන් ලබාගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි 400

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණි.

2021 ජූනි මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් ලෙසින් වාර්තාවන අතර එහිදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3.57 ක් ලෙසින් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img