Wednesday, November 11, 2026
HomeNEWSමහෙස්ත්‍රාත් අධිකරණයක රෙජිස්ටාර්වරයෙක් ට කොවිඩ් - නඩු කල්යයි

මහෙස්ත්‍රාත් අධිකරණයක රෙජිස්ටාර්වරයෙක් ට කොවිඩ් – නඩු කල්යයි

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් අද (28) දින එම අධිකරණයේ කැඳවීමට තිබු සියලුම නඩු කටයුතු වෙනත් දිනයක කැඳවීමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය නියෝග කර ඇත.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉකුත් 22 වන දින අවසන් වරට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි සඳහා පැමිණ තිබේ.

පසුව රෙජිස්ටාර්වරයාට රෝග ලක්ෂණ මතුවිම හේතුවෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර එම අධිකරණයේ සේවය කරන සියලුම නිලධාරින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කිරීමට කටයුතු කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img