ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ අමාත්‍යවරු කිහිපදෙනෙකු අතර සාකච්ජාවක් අද (29) පවත්වා තිබේ.
බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් ඊට සහභාගී ව සිටි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
සාකච්ජාවට සහභාගීවීම සඳහා පැමිණි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ ගැටලුවට දැනටමත් විසඳුම් ලැබී ඇති බවය.
ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට නිසි තීන්දුවක් ගැනීමට නොහැකිවීම තුළින් එම ගැටලුව තවදුරටත් ව්‍යාකූල තත්ත්වයකට පත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.
සිසුන්ගේ අධ්‍යාපනය අඩාලවීම දිගුකාලීනව බලපා හැකි බැවින් ගුරු-විදුහල්පති ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.






















