Thursday, November 12, 2026
HomeNEWS"කොවිඩ් 19 ආසාදිත කිහිපදෙනෙකුගේ ආශ්‍රිතයකු ලෙසත් සමාජ වගකීමක් ලෙසත් සලකා දින 14ක්...

“කොවිඩ් 19 ආසාදිත කිහිපදෙනෙකුගේ ආශ්‍රිතයකු ලෙසත් සමාජ වගකීමක් ලෙසත් සලකා දින 14ක් නිරෝධායනයට ලක් වීමට තීරණය කළා”-කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

තම ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයකු ලෙසත් මෙම අවස්ථාවේ තම සමාජ වගකීමක් ලෙසත් සලකා තමා ද (29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

(29) දින තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මෙසේ සඳහන් කර ඇත. එම ෆේස්බුක් සටහන මෙසේය.

“මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.

කර්මාන්ත අමාත්‍යාංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස ද දැනුම් දෙමි.

  • කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img