Thursday, November 12, 2026
HomeNEWSදුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි සිසුන්ට අධ්‍යාපනික උපකරණ...

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි සිසුන්ට අධ්‍යාපනික උපකරණ…

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවුනියාව, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ගිහි – පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කෙරේ. ඒ සඳහා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  

මෙහි සමාරම්භය සනිටුහන් කරමින් අද (30) පෙරවරුවේ අරලියගහ මැදුරේ දී ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමිණ. 

මූලික පිරිවෙන් අවසාන පරික්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරාම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහිදී සිදු වූහ. වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්යය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ (www.piriven.gov.lk) නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. 

මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු, රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img