Thursday, November 12, 2026
HomeNEWSධනුෂ්ක, කුසල් හා නිරෝෂන් ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක, කුසල් හා නිරෝෂන් ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට එරෙහිව ලබාදීමට නිර්දේශ කර තිබූ දඬුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව රැස්වී සාකච්ජා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එම ක්‍රීඩකයින් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට කර ඇති දායකත්වය, සහ නිර්දේශ කර ඇති දඬුවම් එක් එක් ක්‍රීඩකයාට බලපාන ආකාරය ද සැලකිල්ලට ගෙන එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පහත සඳහන් දඬුවම්දීමට තීරණය කළ බවය.

  1. එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්
  2. සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරඟ සඳහා 6 මසක තහනමක්
  3. එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් අත්හිටුවනු ලබයි
  4. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිර්දේශ කළ මානසික වෛද්‍යවරයෙක් වෙත එම ක්‍රීඩකයින් යොමු කිරීම

පසුගිය එංගලන්ත සංචාරය අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනා එල්ල වුණි.

ඔවුන් තිදෙනා “ඩරම්” නගරයේ වීථියක සැරිසරන ආකාරය එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මේ අතර කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (29) නිර්දේශකර තිබුණි.

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඊයේ එම පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවීය.

එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක් ද ගුණතිලක සහ මෙන්ඩිස් ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක් ද පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා විය.

ඔවුන්ට එරෙහිව එක අයෙක්ට ඩොලර් 25,000ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන් වී තිබුණි. 

චෝදනා එල්ල වූ එම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජූලි 7 වන දා පත්කෙරිණි. 

පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ,

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක
නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද
නීතිඥ අසේල රැකව
නීතිඥ උචිත වික්‍රමසිංහ
විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. ද සොයිසා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img