Wednesday, November 11, 2026
HomeNEWSගුරු - විදුහල්පති වැටුප් ගැටලුව යළි අමාත්‍ය මණ්ඩලයට

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව යළි අමාත්‍ය මණ්ඩලයට

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (2) දිනයේ යළි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් එය සාකච්ඡා කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම පත්‍රිකාව අද දිනයේ යළි සාකච්ඡා කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයා සමග ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබුණේ මේ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව ගුරුවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් මෙවැනි පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු අධ්‍යාපන, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල අද දිනයේ සිට සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබුණත් ගුරු – විදුහල්පති සංගම් අරම්භ කළ වර්ජනය අද  22 වන දිනටත් ක්‍රියාත්මක වේ.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ,

“දැනටමත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව යන තත්ත්වයක තමයි මේ නිවේදනය දාලා තියෙන්නේ. අද දිනයේ පාසල්වලට සම්බන්ධ වෙන්න එපා කියලා අපි පැහැදිලිව කියලා තියෙන්නේ. හෙට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි කොළඹට රථ පෙළපාලියකින් ගමන් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img