මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සලකාබැලීමේ දී මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසති.
ඊයේ (04) දිනයේ මාතර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 250 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 200 දෙනෙකු වාර්තා විය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,005ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,484කි.
මේ අතර ඊයේ දිනයේදී කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් 400කට ආසන්න දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
ගම්පහ 393ක්, කොළඹ 388ක් සහ කළුතර 382ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
මොනරාගල 116ක්, අම්පාර 98ක්, රත්නපුර 96ක්, මඩකලපුව 91ක්, නුවරඑළිය 83ක්, බදුල්ල 73ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 72ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඒ අනුව දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවමින් ඊයේ (04) නව ආසාදිතයින් 2,561 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 2,000 ඉක්මවා ගියේ අඛණ්ඩව 7වන දිනටය.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 318,755 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සංඛ්‍යාව 284,524 කි.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 29,504 කි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 10කට වැඩි පිරිසකට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 8 ලක්ෂ 7,539කි.
ඊයේ දිනය තුළ පමණක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 30,499 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 50,893 දෙනෙකුටත් ලබාදී තිබේ.
එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදීත් සයිනොෆාම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රා මෙන්ම ෆයිසර් සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රා ලබාදී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊයේ දිනය තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා 1 ලක්ෂ 9,014ක්, ෆයිසර් පළමු මාත්‍රාව 1,308 ක් සහ මොඩර්නා පළමු මාත්‍රාව 5,625 දෙනෙකුට ලබා දී තිබේ.
ඒ අනුව ඊයේ දිනය තුළ ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 1 ලක්ෂ 97,349කි.






















