Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ්රෝගීන්ගේපහසුවටඅචාර්යබෝදාගමචන්දිමනාහිමියන්ගෙන්අග්‍රාමාත්‍යතුමාටඔක්සිමීටර්පරිත්‍යාගයක්.

කොවිඩ්රෝගීන්ගේපහසුවටඅචාර්යබෝදාගමචන්දිමනාහිමියන්ගෙන්අග්‍රාමාත්‍යතුමාටඔක්සිමීටර්පරිත්‍යාගයක්.

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් (PULSE OXIMETER) 300ක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ (06) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්හ.

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමුවන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා දීමට මෙම ස්පන්දන ඔක්සිමීටර් තොගය  පරිත්‍යාග කෙරිණි.

වසංගත තත්ත්වයට මුහුණ දෙමින් කොවිඩ් රෝගය පාලනය කිරීම උදෙසා රජය ගෙනයන එන්නත්කරණ  වැඩපිළිවෙල අගය කරන බව කැලණිය මානෙල්වත්ත විහාරාධිපති, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යන ආයතනයේ උපකුලපති හා තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ මෙහි දී පැවසූහ.

එන්නත්කරණය ඔස්සේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, රජය ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙන්ම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවිධ ස්වෙච්ඡා සංවිධාන සහ පෞද්ගලික ආයතනවලින්  ලැබෙන දායකත්වය ද අගය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img