Wednesday, November 11, 2026
HomeNEWSආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් -...

ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

මෙතරම් වියසනයක් රටට සිදුවී තිබියදීත් ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුවට මුදල් නැති බවත් ,ඊට හේතු වන්නේ ආණ්ඩුව පැමිණි වහාම අත්තනෝමතික ලෙස ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් සිදු කළ අදුරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත නිසා බවත් ඒ මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා(08) පෙරවරුවේ දෙබරවැව මැණික් රාජමහා විහාරස්ථානයට පැමිණි අතර එහි විහාරාධිපති ශාස්ත්‍රපති , පූජ්‍යපාද තංගල්ලේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය .
රටේ පවතින වත්මන් තත්වය පිළිබඳවද එහි දී නාහිමිපාණන් වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකතුමා අමතක නොකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ,
එන්නත් නොගත් හෙයින් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වන බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවය. ,තමන් පුනපුනා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිද්දීත් මෙරටට එන්නත් ගෙන ඒම ආණ්ඩුව කල් දැමූ බවද, ඒ වෙනුවට ,මුට්ටි දැමීම්, පැණි ප්‍රවර්ධනය කිරීම් වැනි මිථ්‍යා ක්‍රියාකාරකම් කළ ආණ්ඩුවට මේ සිදුවන අපරාධයෙන් ගැලවිය නොහැකි බවද ඒ මහතා පැවසීය.
මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය අතිශයින් බරපතළ බව පැවසූ විපක්ෂ නායකතුමා,අන් කවරදාටත් වඩා ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img