Thursday, November 12, 2026
HomeNEWSකිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා...ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්.

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා…ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්.

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි. 

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කෙරිණ. එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. 

රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර තිබේ. තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම්ය. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය. 

ගත වූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා තිබේ. මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දෙයි. 

කොවිඩ් මර්දන මෙහෙයුම් කාර්යයන්හි නිරත බොහෝ දෙනෙක් දේශීය ඖෂධ දෛනිකව ලබාගනිති. එය ප්‍රතිශක්තීකරණයට බෙහෙවින් ඉවහල් වී තිබේ. එන්නත ලබාගත්ත ද දේශීය ඖෂධ දෛනිකව ලබාගැනීම හා ධූමායනය රෝගය වැළදීම අවම කිරීමට ඉවහල් වනු ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පෙන්වා දුන්නේය. 

අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති,  ආරක්ෂක  සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img