Wednesday, November 11, 2026
HomeNEWSමම හිතුවේ නෑ එකපාරටම මේ වෙනස වෙයි කියලා - ඇමතිනී පවිත්‍රා

මම හිතුවේ නෑ එකපාරටම මේ වෙනස වෙයි කියලා – ඇමතිනී පවිත්‍රා

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදීය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ සෑම දේයක්ම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට කටයුතු කරන බවත්ය.

මම හිතුවේ නෑ එකපාරට මේ වෙනස වෙයි කියලා. 
මම ඒත් යන්න ඉස්සෙල්ලා ඩොක්ට ට කිව්වා..
මිනිස්ට්‍රි ෂෆල් එකකට ද දන්නෑ කියලා.
ඒ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා.  
මම එනකොට අමාත්‍යාංශයට..ඔබතුමන්ලා.. 
අනේ මේ ගෑණි චුතවෙලා ගියානම් කියලා..
කවුරුවත් හිතුව කියලා මම විශ්වාස කරන්නේ නෑ.
ඒත් අන්එක්ස්පැක්ටඩ් මොහොතක..
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබුණා.
මං එතන්ට යනකම්ම මම ඇත්තටම දැනන් හිටියෙත් නෑ..
මේ මාරුවීම සිද්ධවෙනවා කියලා.
කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් භාරගන්න ඕනේ.
අටුවා කතාවක තියෙනවා..
රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට..
රජ්ජුරුවො දුන්නෙන් විද්දලු මුවෙකුට.
කවදාවත් එහෙම ඉලක්කෙ වරදින් නෑ..වැරදුණාම පුරෝහිතයගෙන් ඇහුව ලු..
ඇයි මට මෙහෙම වුණේ කියලා. 
ස්වාමීනි, වෙන්නේ හොඳට කියලා කිව්වලු.
තව ටිකක් කල් යනකොට..
රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා පුරුකක් වෙන් වුණා ලු..
ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවාම.
ස්වාමීනි, ඕක කැපුනෙත් හොඳට කියලා කිව්වා ලු.
ඉතින් ඒ ගමන රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර..
අර පුරෝහිතයව වළට දාලා..
රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනික් පැත්තට ගියාලු.
ගියාම අහුවුණා ලු ගෝත්‍රික කණ්ඩායමකට.
ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටිය ලු.. මනුස්සයෙක් ව.
අරගෙන ගිහිල්ලා රජ්ජුරුවොව හොඳට නාවලා..
බිලි පූජාවට ගෙනිච්චා ලු.
බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ..
මෙයාගෙ ඇඟිල්ලේ කෑල්ලක් නෑ…මෙයාව අතහැරිය ලු.
ඒ ගමන රජ්ජුරුවෝ කල්පනා කළා ලු.
මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ. 
මේ වෙන්නේ හොඳට කියලා කිව්වා නේ..
මම පුරෝහිතයා වළට දාපු එක අපරාදෙ..
මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දා නේ කියලා..
රජ්ජුරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයව ගොඩ අරගෙන කිව්වාලු..
සමාවෙන්න මට. 
පුරෝහිතයා කිව්වා ලු.. 
රජතුමනි..මාව වළට දාපු එකත්..ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.
මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා.   
ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු..
වෙන කරන්න දෙයක් නෑ.
දුකක් තියෙනවා ඇමතිතුමා..අලුත් ඇමතිතුමාටත් සහයෝගය ලබාදෙන්න.
මම තවමත් කියන්නේ තව සති 4ක වගේ කාලයක් අපිට තියෙන්නේ.
දැනට 54%කට අපි වැක්සිනේෂන් එක දීලා තියෙන්නේ.
තව සති 4කින් අපිට මේ රට බේරගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img