කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ ඊයේ (15) දින තහවුරු කර ඇත.
එම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළගොස් ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.
ඒ් අතර කාන්තාවන් 64 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 103 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.






















