කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 986 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ.
යාවත්කාලීන කිරීම…
පසුගිය සතිය තුළ ප්‍රමාදවී වාර්තාවී තිබූ කොවිඩ් ආසාදිතයින් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කාළින කර තිබේ.
ඒ් අනුව අද දිනට (16) තහවුරු කර ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 362,074ක් බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.
තවද විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 52ක්ද අද දිනයේ වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ් අනුව අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 3,466ක් දක්වා ඉහළගොස් ඇති බව එහි දැක්වෙයි.






















