Wednesday, November 11, 2026
HomeNEWSකැබිනට් එකේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ඇවිත් ලියුම් ගහනවා -...

කැබිනට් එකේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ඇවිත් ලියුම් ගහනවා – පොහොට්ටුවේ ලේකම්

රට ලොක්ඩවුන් නොකිරීමට කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කර පසුව රට ලොක්ඩවුන් කරන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතාම පහත් ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඒ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

“ගිය සඳුදා තිබිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී රට වහන්නේ නෑ කියලා සියලු කැබිනට් ඇමතිවරු ඒකමතිකව තීන්දුවක් ගත්තට පස්සේ.. ඒ තීරණයට අත උස්සපු සමහරක් ඇමතිවරු එළියට ගිහිල්ලා රජයට ලියුමක් දෙනවා වහාම රට වසාදමන්න කියලා. ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක්. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ගිහිල්ලා ලියුම් ගහලා ඒ ලියුම් ජනාධිපතිට යන්න කලින් මාධ්‍යට කවුරුහරි නිකුත් කරනවා නම් එය ඉතා බැරෑරුම් තත්ත්වයක්. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බොහොම කනගාටු වෙනවා රට වහන්න වෙච්ච එක ගැන.”

මෙම මාධ්‍ය හමුවට එක්වී සිටි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ,

“මුළු විපක්ෂයම ඉල්ලන්නේ ලොක්ඩවුන් කරන්න කියලා. ඒකට අපෙත් සමහර අය රුකුලක් දෙනවා. බොහොම කනගාටු වෙනවා. කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා එක්ක එකඟවෙලා එනවා. එළියට ගිහින් කොළ අත්සන් කරනවා රට වහන්න කියලා. ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයෙදි කියන්නේ නෑ. ජාත්‍යන්තර බළල් අතකට අහුවෙලා වගේ අපිට පේන්නේ. සමහරු හිතනවා ඇති තලෙබාන් ගත්තා වගේ මේගොල්ලන්ටත් එහෙම වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ජාත්‍යන්තරය බොහොම වේගෙන් අපේ අයව බිලිබාගෙන වගේ පේනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img