Wednesday, November 11, 2026
HomeNEWSනිහඬ මාරයා යනු කුමක් ද?

නිහඬ මාරයා යනු කුමක් ද?

කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමඟ දරුවන් සම්බන්ධයෙන් Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ඒ බව පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී තත්ත්වය හඳුන්වනු ලැබුවේ  නිහඬ මාරයෙකු ලෙසය.

කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවේ.

රෝගී තත්ත්වයෙන් සුව අතට පත්වූ  දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්ත්වය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදිය පෙන්නුම් කළ ද මෙම රෝගී තත්ත්වයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමට විශේෂත්වයකි.

ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වී තිබෙන දරුවන්ගේ දවසකට වරක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලිය යුතු වන අතර සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය 94%ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට 96%ට වඩා අඩුනම් වහාම එම දරුවා රෝහල් ගත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

ඇල්ෆා ප්‍රභේදයේදී දරුවන්ට කොරෝනා ආසාදනය වුවද රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළ ද ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියත් සමග රෝග ලක්ෂණ මතුවීම වැඩිවී තිබේ.

රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත වූ දරුවන් ප්‍රමාණය අඩුවුවද දැඩි සත්කාර අවශ්‍ය දරුවන් ප්‍රමාණය වැඩි වී තිබේ.

වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙන්නේ එසේ රෝහල්ගත වන රෝගී දරුවන් ප්‍රමාණය අඩුවී ඇත්තේ නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීමේ තීරණයත් සමග බවය.

නිවෙස් තුළ කොරෝනා අසාදනය වූ දරුවන් රැකබලාගැනීමේ වැඩසටහනද ඉතා සාර්ථක බවද ඔහු පැවසීය.

මේ අතර, වයස 12ත් 18ත් අතර දරුවන්ට දැනට ලබාදීමට හැකි බවට පිළිගෙන තිබෙන මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලැබෙන ආකාරය අනුව දරුවන්ට ලබාදීමට හැකි වනු ඇති බවද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ජා පවත්වමින් තිබෙන අතර එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන දරුවන්ට ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇති බවද  ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img