Wednesday, November 11, 2026
HomeNEWSලබන සතියේ සිට සීනි කිලෝව රු 125කට දෙනවා - රාජ්‍ය ඇමති

ලබන සතියේ සිට සීනි කිලෝව රු 125කට දෙනවා – රාජ්‍ය ඇමති

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද දෙරණ “Big Focus” වැඩසටහනට අද (27) එක්වෙමිනි. 

“ඉදිරි සතිය තුළ දැනට තිබෙන සීනි මිල වැඩිවීම අඩුකිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩුමිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා. දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා. අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා. ලෝක වෙළෙඳපොළේ ප්‍රවනතාවය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා. පාලන මිලක් දැම්මොත් ප්‍රායෝගික වෙයිද ? ප්‍රායෝගිකව කළ නොහැකි නම් ගැසට් ගහන්නේ නැහැ.“

දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 200කට අධික මුදලකටය.

සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් තරම් අඩු මට්ටමක තිබියදී වෙළෙඳපොළේ එම අසාමාන්‍ය සීනී මිල පවතින බව “අද දෙරණ“ ඊයේ (26) අනාවරණ කළේය.

මේ අතර පරිභෝජනයට නුසුදුසු සීනී තොගයක් වයඹ සමූපකාර සංගමයෙන් මීගමුව විවිධ සේවා සමූපකාර සමිතියට ලැබී තිබුණි.

2018 නිෂ්පාදිත එම තොගය මේ වසරේ නොවැම්බර් මාසයේදී කල් ඉකුත්වීමට නියමිතය.

ඒ, හේතුවෙන් සීනි තොගය යළි වයඹ සමූපකාර සංගමයට යැවීමට මීගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ඊයේ කටයුතු කර තිබුණි.

මේ අතර මහනුවර සතොස ශාඛාවේද මේ වන විට සීනී නොමැති බව වාර්තා වේ.

මේ අතර ලංකා සීනී සමාගම පවසන්නේ රුපියල් 130ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සීනි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img