Wednesday, November 11, 2026
HomeNEWSවෛද්‍යවරු 3වන මාත්‍රාව ඉල්ලයි

වෛද්‍යවරු 3වන මාත්‍රාව ඉල්ලයි

සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ,

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන කරුණු 6ක් යටතේ වසංගත රෝග අංශයෙන් ඉල්ලීමක් කළා. නැවත රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතුයි. සෞඛ්‍ය සේවකයින් 300කට අධික ප්‍රමාණයකට දැනටමත් කොවිඩ් ආසාදනය වෙලා. පිරිසක් මියගිහින් තියෙනවා. රෝහල් කොච්චර තිබුණත් දැන් රෝගීන් බලාගන්න සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතිනවා. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ දරුවන් ද විශාල අවදානමක ඉන්නේ. ඒ නිසා තමයි අපි තුන්වෙනි මාත්‍රාවක් ඉල්ලන්නේ.”

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ,

“අපිට දැනගන්න ලැබිලා තියෙනවා සම්පූර්ණ ෆයිසර් එන්නත හමුදාවට භාර දෙන්නේ. අපි දන්නේ නෑ මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම කියලා. වසංගත රෝග විද්‍යා අංශය කිව්වද මේක හමුදාව ලවා විද්දුවොත් මේකෙ වැඩි කාර්යක්ෂමතාවයක් ලැබෙනවා කියලා. හමුදාවට පමණක් එහෙම නැතිනම් මිලිටරියට පමණක් ෆයිසර් එන්නත ලබාදෙන්න ගත්ත තීරණය ගැන අපි දැඩි අප්‍රසාදය පළකරනවා. හමුදාවට එන්නත් ලබාදෙනවා නම් යුද්දෙ කාලේ ආයුධ ලබාදෙන්න තිබ්බෙ සෞඛ්‍ය අංශයට. ඒ ඒ තාක්ෂණික කණ්ඩායම්වලටයි ඒ කටයුතු භාරදෙන්න ඕනේ. අපි මේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් දැනුවත් කරලා තියෙන්නේ. අද දින මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම මේ එන්නත්කරණ ක්‍රියාවලිය ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ සංස්ථා සභාපතිවරුන් නම්, එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලයින් නම් ඒ එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img